සමහර වෙලාවට අපි සමහර අයට කොච්චර ආදරේ කරත් එක්කො එයාලා අපිව දාල යනවා, ඒත් නැත්තං අපිට ආදරය විවාහය දක්වා ගෙනියන්න බැරිවෙන වෙලාවල් තියෙයි, කොච්චර අමතනකරන්න හැදුවත්, කොච්චර වෙන අය ගැන හිතන්න හැදුවත් එයාල අපේ හිත අස්සෙ ඉදන් අපිව නොමරා මරන අවස්ථාවන් තියනව, ඔයා ඔයාගෙ පරණ පෙම්වතාට පෙම්වතියට තාමත් ආදරේද? ඒවගේ ඔයා තාමත් පරණ ආදරේට ආදරෙයිද කියල අදුනගන්නෙ කොහොමද කියලා අපි බලමු නේද ? එතකොට එයාව හිතින් ඈත්කරගන්නවත් අපට පියවරක් ගතහැකි විදියත් ඒ ගමන්ම සොයා බලමු
1. සමාජ ජාල ගිණුම් වලට එබිකම් කරනවද
ඔවා එයාගේ facebook,instagram ගිණුම් වලට එබිකම් කරනවද, එයා ඔයාව බ්ලොක් කරලනම් යාලුවන්ගෙ ඒවගෙන් ගිහින් හරි එවාව බලනවද, තාවකාලිකව සහනයක් ලැබුන වගේ පෙනුනත් මේකෙන් වෙන්නෙනම් ඹයා විදවන කාලෙ වැඩිවෙනඑක විතරයි….ඒනිසා මේ වැඩෙන් ඈත් උනොත් තමා හොඳ….
2.අතීතේ අරහම කරානම්….
අතීතේ අරහමකරා නම් මෙහෙමකරානම් අදටත් සම්බන්ධය තියේවි කියල හිතල දුක්වෙනවද? ඒත් දැන් සම්බන්ධතාව ඉවරනේ…මෙහෙම හිතල දුක් වනවට වඩා හිත හයියකරන් ඉස්සරහට යන්න උත්සාහ ගමු…
3.ලස්සන මදිද ?
ඔයාට හිතෙනවද ඔයා ලස්සන අඩු නිසා එයා ගියා කියල, එයාගෙ දැන් කෙනා ඔයාට වඩා ලස්සනයි හිතෙනවාද, එයා ඉන්න කාලෙ පෙනුම ගැන තව හිතුවනම් එයා රැදෙයි වගේ හිතෙනවද ? බාහිර ලස්සන නිසා ආකර්ෂණය උනත් වටින්නේ ඇතුලත හදවතේ ලස්සනයි… හදවතේ ලස්සන පවත්වාගන යන්න මහන්සිගන්න… හැමෝටම කාරුණික වෙන්න,හැකි හැම වෙලාවෙම අනික් අයට උදව්කරන්න, එයා ඔයාව දාලගියේ ලස්සන මදි නිසා කියල කීයටවත් හිතන්න එපා…
4.වෙන අය තුලින් එයා දකින්න බලනවද….
ඔයා එයාගෙන් ඈත්වුන දුක මගඇරගන්න වෙන අයට ලන්වෙන්නත්, ඒ වෙනත් අය තුලින් ඔයාගෙ පරණ ආදරේ ගතිගුණ බලාපොරොත්තු වෙලා බලාපොරොත්තු සුන්කරගන අයින්වෙනවද ?
5.ආයෙත් එන්න අයදිනවද ?
ආයෙත් එයාට එනින කියල ඔයා එයාගෙන් අයදිනවද ? ඒකනම් විසදුමක් නෙවෙයි,එයා ඔයාව දාල ගියෙ එපා නිසා නෙ…එයාගෙන් බැගෑපත්ව ඉල්ලන ඉල්ලීම් වලින් රිදෙන්නේ ඔයාමයි….
6.අතීත මිහිරි මතකයන්…
ඒකල කරපු කියපු ඒව විනෝද වුණු හැටි ගමන් ගිය හැටි සිහි කරලා නිතර ම ඔයා දුකට පත්වෙනවාද ? අකමැත්තෙන් උනත් අපි පිළිගන්න ඕනෑ ගෙවීගිය අතීතයයි ඒ දේවල් වග…අතීතයේ එල්ලී සිටින්නැතුව ඒවා ගෙවී ගිය අතීතය විදිහට පැත්තකින් තියලා. අනාගතය ගැන හිතලා සිත ශක්තිමත් කර ගෙන තමන්ගේ අරමුණු ඉලක්ක වෙතට යන්නට උත්සාහ ගන්න.
7. හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක්.
ඔයා තව දුරටත් හිතනවා නම් කවදා හරි දවසක එයා ආයෙත් ඔයාලගට ඒවි කියල ඒක භයානක සිතුවිල්ලක්.මේ සිතිවිල්ල නිසා තමයි අපි ගොඩක්ම ටිකෙන් ටික තව දුරටත් දුකට පත් වන්නේ.අපි ඉදිරියට යන එක වළක්වන්නත් මේ සිතිවිල්ලමයි.මේ පුංචි බලාපොරොත්තුව අපිටත් නොදැනිම සිතේ තිබිලා ඒක කඩවෙන බව දැනෙන හැම වෙලාවෙම හිත්වේදනාවට අපි පත්වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි යතාර්ථය ඒ විදිහටම තේරුම් අරගෙන හොදින් හිතා බලා අනාගතය සැලසුම් කරගෙන ඉදිරියට යාම.
Comments