මෘදු දිගු දීප්තිමත් කෙස්කළඹක් ලබාගන්න විශ්මිත ක්‍රම 7ක් මෙන්න





නිල්වන් දිගු කෙලස්කළඹක් ලබාගන්න එක ගොඩක් ගෑනුළමයින්ගේ ලොකු හීනයක්.මෘදු දිගු දීප්තිමත් කෙස්කළඹක්ලබා ගන්න එක ලේසි වැඩක් නම් නෙමෙයි.ඒත් එහෙම එකක් ඇති කරගන්න එක ඔබ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි.ඉතින් අපි හිතුවා මෙවර ඒ ගැන වුවත් එක්ක කතා කරන්න.
අපි බලමු මෘදු දිගු දීප්තිමත් කෙස්කළඹක්ලබා ගන්න ඔබට මොනවද කරන්න පුළුවන් කියලා.

දිගින් දිගට ම මෘදු දිගු දීප්තිමත් කෙස්කළඹක්ලබා ගන්න ඔබට මේ ක්‍රම ටික ලොකු උදව්වක් වේවි.

1.කෑම වේලට විටමින් සී එකතු කර ගන්න

විටමින් සී ඔබට ශක්තිමත් කෙස් කලබක් ලබා ගැනීමට උපකාරී වෙනවා.විටමින් c බහුල සී බහූල දෙහි දොඩම් නාරං ජම්බෝල නෙල්ලි පේර වගේ ආහාර නිතර ඔබේ කෑම වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

2.බයෝටීන්

මේ ජලයේ දියවන හිසකෙස් සෞඛ්‍යමත්ව තබා ගැනීමට සහ වර්ධනය කිරීමට ඉවහල් වන විටමින් වර්ගයක්,මේවා ඔබට ඇට වර්ග brown rice සහ ඕට්ස් වලින් ලබාගන්න පුළුවන්.

3.කෙරටින් (Keratin) ප්‍රමාණය පවත්වා ගෙන යාම

මෙම ප්‍රෝටීන් විශේෂය විශාල ප්‍රමාණයෙන් පවත්වාගෙන යා යුතු අතර එය ඔබගේ හිසකෙස් හිස කෙස්වල වර්ධනයට මනා පිටුවහලක් සපයනවා. අමු එළවළු සහ හාතාවාරිය සහ බීට් රූට් වල මෙම පෝෂක අඩංගු වෙනවා.

4.යකඩ වලින් පොහොසත් ආහාර වේලක් ගැනීම

හිසකෙස් වල සාර්ථක වර්ධනයක් පවත්වා ගෙන යාමට යකඩ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වනවා.කොළ පාට පත්‍ර ඇති නිවිති වැනි පලා වර්ග,කජු, කඩල,වට්ටක්කා ඇට වැනි යකඩ බහුල ආහාර ඔබගේ ආහාරවෙිලට එකතුකරගන්න අමතකකරන්න එපා.

5.ඛනිජ ලවණ

දීප්තිමත් දිගු කෙස්කළඹකට ඛනිජ ලවණ අත්‍යවශ්‍යයයි.විශේෂයෙන්ම Silica සහ Zinc,පිපිඤ්ඤා සහ අඹ කියන්නේ silica වලින් පොහොසත් ආහාර වර්ගත් Zinc බහුල කජු වර්ග කුරුට්ට සහිත ධාන්‍ය වර්ග,වට්ටක්කා ඇට වැනි ආහාර වර්ගත් ඔබේකෑම වේලට එකතුකරගන්න.


6.විටමින් E

විටමින් E ඔබගේ කෙස් ශක්තිමත් කිරීමට උපකාරී වනවා.ආමන්ඩ්, නිවිතිය සහ ඔලිව් ඔයිල් විටමින් E ලබා ගැනීමට උපකාරි වෙනවා.

7. මානසික ආතතිය දුරු කිරීම

අනවශ්‍ය මානසික පීඩනය හිසකෙස් වල සෞඛ්‍ය කෙරෙහි බලපානවා.ඔබේ හිසකෙස්වලට ආදරේ නම් මනා මානසික සෞඛ්‍යයකින් දිවි ගෙවීමට වගබලාගතයුතුයි. අනවශ්‍ය ප්‍රශ්න නිසා ඔබේ මනස වෙහෙසවා අකාලයේ විවිධ ලෙඩ රෝග ලෙඩ රෝග සාදා ගන්නෙ නැතුව සැහැල්ලුවෙන් දිවි ගෙවන්නට උත්සාහ කරන්න


ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න

Home 

Comments