අමු අර්තාපල් යුෂ වලින් ලබාගත හැකි වාසි 5ක්


ඔබ අර්තාපල් පිසීම සඳහා පමණක් භාවිතා කරන කෙනෙක්ද ? පිසිනවාටත් වඩා එහි පෝෂක කොටස් වල අන්තර්ගතය නිසා රූපලාවන්‍ය  සඳහා ඊට වැදගත් වේ. නිතිපතා අර්තාපල් ඔබගේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කිරීමෙන් උබගේ හිසකෙස් වලත් සමේත් ඇතිවන අපහසුතා සම්පුර්නයෙන්ම මගහරවා ගත හැක . ඔබේ සමට හා හිසකෙස් සඳහා අමු අර්තාපල් යුෂ භාවිතා කරන්නේ  කෙසේදැයි ඔබට දැනගත හැක.


01.සමේ වියලි ස්වභාවය නැතිකිරීම

වියලි සමකට උරුමකම් කියන පුද්ගලයෙකු නම්, අමු අර්තාපල් යුෂ මෙම තත්වයෙන් මිදීමට උපකාර කරයි. අර්තාපල් යුෂ අභ්‍යන්තර හා බාහිර භාවිතය යන දෙකටම සම වියලීම අඩු කිරීමට සහ එයට විරුද්ධව ක්‍රියා කරන සෑම විෂ ද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියා කරයි. සෑම උදයකම නැවුම් අර්තාපල් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් හෝ කපු පුලුන් ආධාරයෙන් වියලි සමට අර්තාපල් යුෂ ආලේප කරන්න. මෙම ප්‍රතිකර්මය කිරීමෙන් නිශ්චිත වශයෙන්ම ප්‍රමාණවත් පෝෂණයක් ලබා ඔබට සිනිදු සාමාන්‍ය සමක් ලැබෙනවා ඇත




02. සමේ ඇතිවෙන කුඩා සිදුරු ඉවත් කර සම පැහැපත්කිරීම සමේ ඇතිවෙන කුඩා සිදුරු වලට අර්තාපල් වල ඇති තන්තුගත ගුණාංගය නිසා එයට ප්‍රතිකාර කිරීම පහසු වේ. කිරි මේස හැදි 01ක් හා අර්තාපල් යුෂ මේස හැදි 2ක් එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. අමු අර්තාපල් යුෂ වල විශ්මයජනක සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත. එබැවින් එහි යෙදීම් ස්වභාවිකව සම පැහැපත් කිරීමේ හැකියාව ඇත. මෙම අර්තාපල් යුෂ හා පිපිඤ්ඤා යුෂද එක් කර ආලේප කල හැක.




03. වයස්ගත පෙනුමට විරුද්ධව ක්‍රියා කරයි වයස්ගත පෙනුම අපේ සමේ සැලකිය යුතු කාරණයක් වන අතර එය මැඩපැවැත්වීම සදහා ඔබ බොහෝ නිෂ්පාදන භාවිතා කරනවා විය හැක. නමුත් එම නිෂ්පාදන මතම රැදී සිටීම අවශ්‍ය නොවේ. ඇන්ටිඔක්සිඩන්ට් විටමින් අන්තර්ගත නිසා (විටමින් A, B සහ C ) නිතිපතා භාවිතයෙන් තරුණ සමක් ලබා දෙනවා ඇත. මේ සදහා, අර්තාපල් යුෂ මුහුණේ ආලේප කර සෙමින් සම්භාහනය කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. ෆේස් මාස්ක් එකක් යෙදීමෙන්ද තරුණ පැහැපත් පෙනුම රදවා ගත හැක. මේ සදහා කුඩා අර්තාපල් ගෙඩියක යුෂ සමග මීකිරි මේස හැන්දක ප්‍රමාණයක් එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න.




04.මුහුණේ ඇතිවන රැලි වැටීම් ආදිය අඩු කර ගැනීම හා ඇස් යට කලු වීම හා හිරු රශ්මියට පිලිස්සුන සම යතා තත්ත්වයට පත් කර ගැනීමට ඔබේ මුහුණේ දැනටමත් සිහින් රේඛා මෙන් රැලි වැටී ඇත්නම් ඒවා අර්තාපල් යුෂ මගින් ඉවත් කරගත හැක. අමු අර්තාපල් යුශ මේස හැදි 4කට ඔලිව් තෙල් මේස හැදි 1ක් එක් කරන්න. රැලි වැටී ඇති ප්‍රදේශවල එය ආලේප කරන්න. මෙම මිශ්‍රනය දිනපතා භාවිතා කිරීමෙන් ඉතා ඉහල ප්‍රතිඵල ලබාගත හැක. අර්තාපල් යුෂ පෙගවූ කපු පුලුන් බෝල 2ක් දිනකට දෙවරක් ඇස් උඩ තැබීමෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඇස් යට කලු වීම අඩු කරගත හැක. එමෙන්ම ඉදිමුනු ඇස් සදහාද මෙම ප්‍රතිකාරය කල හැකි අතර, මෙම ප්‍රතිකර්මයෙන් බොහෝ ලෙස පිලිස්සුන සම යතා තත්වයට පත් කරගත හැක.



05. හිසකෙස් වර්ධනයට

අමු අර්තාපල් යුෂ වල ඇති එන්සයිම අපගේ හිසකෙස් වල වර්ධනයට විශාල වශයෙන් දායක වන බව සොයාගෙන ඇත එක් ගෙඩියක අර්තාපල් යුෂ , බිත්තර සුදු මද ,මී පැණි මේස හැන්දක් සමග හොදින් මිශ්‍ර කරන්න.
පැය 1 හමාරක් පමණ තබා මෘදු ෂැම්පූ එකක් යොදා සෝදා හරින්න. මෙම මාස්ක් එකෙන් හිසකෙස් වැටීම වැලැක්වීම හා හිසකෙස් වල ඝනකම වර්ධනය කරයි.



ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න







Comments